32 C
Colombo
Monday, May 6, 2024

පාසල් නිල ඇඳුම් වලින් 68%ක් යවා අවසන් – පියල් නිශාන්ත

- Advertisement -

දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර අවසන් බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ජනවාරි 12 වන දින අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී පසුගිය දා පුවත්පතක පාසල් නිල ඇදුම් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් පල වූ සාවද්‍ය පුවතකට අදාලව අදහස් පලකරමින් ඒ මහතා මේ බව පවසන ලදි.

කුමන අභියෝග පැවතිය ද අතිගරු ජනාධිපතිතුමන්ගෙත්, අගමැති තුමන්ගෙත් මග පෙන්වීමෙන් ජනතාවාදී රජයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සපයන බවත් මවර අයවැයෙන් 7.51%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කිරීම තුලින්ම එය පසක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම පසුගිය වසර දෙක තුලදී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක් වන පාසල් දරුවන්ට නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව ඔහු පවසනවා.

මෙම වර්ශයට අවශ්‍ය රෙදි මීටර ප්‍රමාණය වන මීටර 12,694,000න් 68%ක් මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර ඇති බවත් ඉතිරි නිල ඇදුම් රෙදි ප්‍රමාණය ජනවාරි මස 31දා වන විට කලාප කාර්යාල වලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

එමෙන්ම වෘත්තීය සංගම් වල ඇතැම් නියෝජිතයින් විසින් දරුවන්, ගුරුවරුන් පිලිබඳ සඳහන් කරමින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කල ද එවැනි පටු අරමුණු සාක්ශාත් කර ගැනීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කල රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු මාධ්‍ය ආයතන ලෙස පුවත් පල කිරීමට ප්‍රථම ඒ පිලිබඳව නිවැරැදි කරුණු සොයා බලා වගකීමෙන් වාර්තාකරණයේ නිරතවන ලෙස ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...