ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර දෙකෙන් සහ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන්ගේ ගණන 72 ඉක්මවා ගොස් ඇති අතර ඇමෙරිකානු ජාතිකයන්ගේ ගණන 13ක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර කුඩා දරුවෝ සහ කාන්තාවෝ ද වෙති.
ගුවන් තොටුපොළට හෝ ඒ ආසන්නයට නොයන ලෙස බටහිර බුද්ධ අංශ සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු අඟවා පැය කිහිපයක් යද්දි මෙම ප්‍රහාර එල්ල විය.
ඉදිරියේ දී තවත් ප්‍රහාර එල්ල වනු ඇතැයි ද බටහිර බුද්ධ අංශ මේ වනවිට අනතුරු අඟවා ඇත.
අයි.එස්. සංවිධානය කාබුල් අගනුවරට ඊයේ එල්ල වූ ප්‍රහාරවල වගකීම බාරගත් අතර අමාක් පුවත් සේවය ද එය වාර්තා කර තිබිණි. අයි.එස්. සංවිධානය සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ එය ප්‍රකාශයට පත් කර තිබිණි.
ඊට අනුව අබ්දුල් රහ්මාන් අල්-ලොගාරි නමැති අයකු එම ප්‍රහාරය එල්ල කර තිබිණි. අදාළ නමට අනුව ඔහු ඇෆ්ගන් ජාතිකයකු විය.
අයි.එස්. සංවිධානයේ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. එම කණ්ඩායම අයි.එස්. කේ යනුවෙන් හැඳින් වේ.
එනම් ඉස්ලාමික් ස්ටේට් – කොරාසාන් පළාත යනුවෙන් හැඳින්වේ. කොරාසාන් පළාත හෝ ප්‍රදේශය ඉපැරැණි ප්‍රදේශයක් වන අතර ඊට වත්මන් ඉරානයේ, ඇෆ්ගනිස්තානයේ සහ මධ්‍යම ආසියාවේ කොටස්/ප්‍රදේශ ඇතුළත් වේ.
ඇමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ ඇෆ්ගන් මිතුරන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව එම සංවිධානය ප්‍රකාශ කර තිබිණි.