27 C
Colombo
Friday, May 10, 2024

පොලීසිය ලෙස රඟපා ෆෝන් 90ක් සොරකම් කරලා

- Advertisement -

පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදිවලින් ගොස් පුද්ගලයන් බිය වද්දා ඔවුන් සතු ජංගම දුරකථන 90කට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිඝනක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෝදර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට සිදුකර ඇති බවයි.

අදාළ සැකකරුවන් විසින් මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩ ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මතයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් විසින් කොල්ලකෑ ඇපල් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 44, ලැප්ටොප් පරිගණක 5, ටැබ් පරිගණක දෙකක්, පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...