30 C
Colombo
Thursday, May 2, 2024

පිළියන්දල හුදකලාව ඉවත්කිරීම හරි. ඇමතිගේ සම්බන්ධයක් නැහැ

- Advertisement -

පිළියන්දල නගරය හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් කමිටුව පසුගියදා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ පරීක්ෂණ කණ්ඩායමද තහවුරු කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපුටා දක්වමින් ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා.

ඉරිදා දිනයේ පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 52කම වසා දැමුවේ ඉරිදා සති පොළවල් වෙත විශාල ජනතාවක් එන බවට ලද තොරතුරු මත බවත්, පසුදින එම හුදෙකලා කිරීම ඉවත් කළේ කිසිදු ඇමැතිවරයකුගේ මැදිහත්වීමකින් නොවන ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පිළියන්දල පොලිස් වසමේ හුදෙකලා කිරීමට තෝරාගෙන තිබුණේ රෝගය පැතිර ගිය වසම් හතරක් පමණි. තවත් වසම් හතරක් හුදෙකලා කිරීමට බුද්ධි සේවාව, කොවිඩ් මධ්‍යස්ථානය, පොලිසිය හා සෞඛ්‍ය අංශ ලබාදුන් ​තොරතුරු මත තාක්ෂණික කමිටුව සැලසුම් කර තිබේ.

මේ වනවිට අවශ්‍යතාව අනුව පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දහයක් පමණක් හුදෙකලා කර ඇති බවත්, මුළු බල ප්‍රදේශයම වැසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත් Youtube නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ පිළියන්දල හුදෙකළා කිරීමේ තීරණය ඉවත් කෙරුණේ තමන්ගේ ඉල්ලීමක් මත බවයි.

එමෙන්ම එම මැදිහත් වීම අද පමණක් නොව අවශ්‍ය වුවහොත් හෙටද සිදුකරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...