31 C
Colombo
Saturday, May 4, 2024

නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඔම්බුඩ්ස්මන් තනතුරෙන් ඉවතට

- Advertisement -

පොලිස් ඔම්බුඩ්ස්මන් (දුක්ගැනවිලි) අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහආරච්චිගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න උපදෙස් දී තිබෙනවා.

මෙම ස්ථාන මාරුවත් සමග ඇය යටතේ මෙම ඒකකයේ සේවය කළ නිලධාරීන්ට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථාන මාරුව පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවත් අදාල නියෝජ්‍ය පොලිස්පතිවරිය නුදුරේදීම නව තනතුරක පිහිටවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බිම්ෂානි ජාසිංහආරච්චිගේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය වනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි ජාසිංආරච්චි ගේ තනතුර ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් බවත්, ඉන් තමන්ට අගතියක් සිදු වූ බවත් කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු පොලිස් අධිකාරී වරුන් 14 දෙනෙක් කෝටි 07ක වන්දියක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යැවීමට මීට පෙර කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...