27 C
Colombo
Friday, May 10, 2024

උද්දික වෙනුවට පාර්ලිමේන්තුවට එන මුතුකුමාරණ

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවට වාර්තා වනවා.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ 39895ක් මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...