25 C
Colombo
Sunday, May 19, 2024

කවුද මේ හැමෝම කතාවෙන සොෆියා ලියොන්

- Advertisement -

26 හැවිරිදි තරුණියක් වෙන සොෆියා ලියෝන් කියන්නේ නිල් චිත්‍රපටවලට රංගනයෙන් දායක වන ජනප්‍රියතම නිළියක්.

ඒ වගේම වැඩිම ආදායමක් උපයන නිල් චිත්‍රපට නිළියන් අතරින් ඉහළින්ම සිටින නිළියක්.

ඇය ගැන හිටි හැටියේම කතාබහක් පටන් අරන් තියෙන්නේ සොෆියා මියගොස් සිටියදී ඇයගේ නිවසේ සිට සොයාගත් නිසයි.

මෙම මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා තිබුණත් මෙය ඝාතනයක්ද, සියදිවි නසාගැනීමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය ලබාගැනීමට දැඩිව ඇබ්බැහිවී සිටි සොෆියා මිය යන විටත් ඉන් මිදීම සඳහා වන පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී වෙමින් සිටි බවට ඇයගේ පවුලේ ඥාතීන් පවසනවා.

එවන් පසුබිමක ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඇය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් ලබාගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

1997 වසරේදී ඇමරිකාවේ මියාමි ෆ්ලොරිඩාහී උපන් සොෆියා වරෙක මාධ්‍ය වෙත පවසා තිබුණේ තම පරම්පරාව මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ පිරිසක් විය හැකි බවයි.

වයස අවුරුදු 18 දී ක්ෂේත්‍රයට පැමිණි ඇය මිය යන විට නිල් චිත්‍රපට 230 කට අධික සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

කෙසේවෙතත් මෙම නිල් චිත්‍රපට නිළියන් බොහෝමයක් මත්ද්‍රව්‍යවලට යොමුවී සිටීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ජීවිත පවා අහිමිවී යෑම් අපට නිතර අසන්නට ලැබෙනවා.

මීට සති කිහිපයකට පෙර 36 හැවිරිදි වැඩිහිටි චිත්‍රපට තරුවක් වූ Kagney Linn Karter සියදිවි නසා ගෙන තිබුණා.

මීට අමතරව සුරූපී මෙන්ම ලාබාල තරුණියක් වන 25 හැවිරිදි Emily Willis, මත්ද්‍රව්‍ය අ මාත්‍රාවක් ගැනීමෙන් පසු කෝමා තත්වයේ පසුවන බව වාර්තා වනවා.

මෙම වසරේ ජනවාරි මාසයේදී ජෙසී ජේන් සහ ඇගේ පෙම්වතා වන බ්‍රෙට් හසන්මුල්ලර් නැමැති අය ඔක්ලහෝමා, මුවර් හි ඔවුන්ගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගනු ලැබූවා.

ඔවුන් දෙදෙනාමද අධික ලෙස මත්ද්‍රව්‍ය ලබාගෙන සිටි බවට පසුව වාර්තා වුණා.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...