29.3 C
Colombo
Saturday, April 27, 2024

නිවෙස්ගත රෝගීන්ගෙන් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වෙලා – වෛද්‍යවරු ඇමැතිනියට ලියති

- Advertisement -

කොවිඩ් රෝගීන් නිවෙස් තුළම රඳවා තැබීමේ ප්‍රතිපත්තිමය තීරණය රෝග ව්‍යාප්තිය වැඩි කිරීමට චේතනාන්විතව කරන අනුබල දීමක් යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලිපියක් යොමු කරමින් පවසයි.

රෝගීන් නිවාස තුළම රඳවා තැබීම රටේ සියලුම ජනතාව ආසාදිතයන් බවට පත් කිරීමේ උපක්‍රමයක් පමණක් යැයි ද එම ක්‍රමය අනුගමනය කළ එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල් විශාල ජීවිත සහ ආර්ථික විනාශයකට මුහුණදුන්නේ යැයි ද එම සංගමය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භයේදීම පැහැදිලි කල පරිදි ආසාදිතයන් සමාජයෙන් කඩිනමින් වෙන්කර ප්‍රතිකාර මධ්‍යස්ථානවල තැබීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායන මධ්‍යථානවල තැබීමත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රට බේරාගත හැකි එකම මග යැයි ද එහි සඳහන් වේ.

ආණ්ඩුව විසින් නායකත්වය දිය යුත්තේ ඊට අවශ්‍ය පහසුකම් ගොඩනැගීම වැනි දූරදර්ශී වැඩපිළිවෙලකට විනා රටේ සමස්ත ජනතාවම රෝගය බෝවීමේ අනතුරට ඇද දැමීම නොවන බවට පවසන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වසංගතයේ ස්වභාවය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය පිළිබඳව ආණ්ඩුවට කිසිඳු අවබෝධයක් නොතිබූ බවට ද චෝදනා කරයි.

දැනටමත් දිවයින පුරා 2000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් රෝහල් පද්ධිය තුලට ඇතුළු කරගත කරගත නොහැකිව නිවෙස් වලම රඳවා ඇතැයි ද රෝග ලක්ෂණ සහිතව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන ලද එහෙත් ප්‍රතිඵල නිකුත් කරගත නොහැකිවූ විශාල ප්‍රමාණයක් නිවෙස්වල රැදී සිටින්නේ යැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.

මෙසේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිපල පමා වන පිරිස් දෛනික අවශයතා වෙනුවෙන් සමාජය තුල ගැවසෙන බැවින් ඉතාමත්ම පහසුවෙන් සමාජය තුල රෝගය ව්‍යාප්ත වනු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.

එම වරද දැන්වත් නිවැරදි කරනවා වෙනුවට වසංගතය තව තවත් ව්‍යාප්ත කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුබල දීම තම සංගමය තරයේ ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එබැවින් කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින් නිවෙස් තුළ රැඳී සිටින සියලුම ආසාදිතයන් කඩිනමින් සමාජයෙන් වෙන්කර ඒවාට යොමු කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ද සියලුම දෙනා වෙන්කර නිරෝධායනය කිරීමටත් වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් දැඩි පියවර ගන්නා ලෙසත් ඉතා වගකීමෙන් යුතුව විෂයභාර ඇමැතිවරියගෙන් ඉල්ලන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂෙ නායකයො වෙන්න දඟලන අය ‘අතෙන්’ තරඟ කරලවත් නැහැ – සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන කිසිවෙකු හෝ මැතිවරණයකට අත ලකුණින් තරග කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා (25)...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත...

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...