29 C
Colombo
Thursday, May 9, 2024

මෑත කාලයේ විවාහ වෙන පිරිස් ගැන විශේෂ අනාවරණයක්

- Advertisement -

මෑතකදී විවාහ දිවියට එළඹෙන පිරිස් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බවයි.

දිසා අධිකරණ මඟින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය මේ බව පවසා තිබුණා.

ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන් ද්වේෂ සහගත අත්හැරයාම් දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති...

ලොකු ලූණු මිල පහතට

මාස කිහිපයක සිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බී ලූණු මිල මේ වන විට යළි පහත වැටී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, දඹුල්ල ආර්ථික...

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය යළිත් දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...