26 C
Colombo
Sunday, May 12, 2024

කෝපා කමිටුව රේගුවට දෙහි කපලා

- Advertisement -

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන් ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන බවත්, එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බවත්, සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ, නරක් වූ සහ ආහාරයට නුසුදුසු මාළු වර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.

පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී සඳහන් කෙරුණා.


RECENT ARTICLES - SINHALA

දරුවන්ට මාරාන්තික විය හැකි සෙල්ලම් බඩු

වෙළෙඳපොලේ ඇති බැටරි මගින් ක්‍රියාකරවන සෙල්ලම්බඩුවලින් දරුවන්ගේ ජීවිතවලට හානි සිදුවිය හැකි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ...

අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානේ දී අත්අඩංගුවට

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (11)අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය...

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...