31 C
Colombo
Thursday, May 9, 2024

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

- Advertisement -

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා.

මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේදී ඊයේ (27) දින සිදු කෙරුණා.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතයි.

විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ මෙම සංවර්ධනා ව්‍යාපෘතිය සඳහා මාස 6 ක කාලයක් ගතවනු ඇති බවයි.

කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇති පාවෙන වෙළඳපොල වෙළඳ කුටි 92 කින් සමන්විත අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක්ද එහි තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) 2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව පාවෙන වෙළඳ සංකීර්ණය  ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 352ක්.

ඒ සඳහා වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීම මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වී තිබුණා.

ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ පුද්ගල ඝාතනයක්

ගාල්ල - අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී...

Breaking: මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා...

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...