34 C
Colombo
Wednesday, May 8, 2024

ත්‍රස්ත කල්ලි හඹා යන්න 100ක යතුරුපැදි බළකායක්

- Advertisement -

නිලධාරීන් 100කින් සමන්විත ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පසුපස හඹා යාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබා දීමෙන් අනතුරුව මෙම යතුරුපැදි කණ්ඩායම් අපරාධ කල්ලි පසුපස හඹා යාම සඳහා අනුයුක්ත කෙරෙනු ඇති.

මෙම කණ්ඩායම් එක එල්ලේ ම සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීම සඳහාත් අපරාධ කල්ලි පසුපස ක්‍රියාත්මක වන සෙසු කණ්ඩායම්වල සහය සඳහාත් යොමු කෙරෙන බව සඳහන්.

සංවිධානාත්මක අපරාධ කල්ලි හඳුනාගෙන එම අපරාධ කල්ලි සඳහා වෙන වෙන ම විමර්ශන කණ්ඩායම් ඔවුන් පසුපස හඹා ය‍ෙම මේ වන විටත් සිදු කෙරෙන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසු බව සඳහන් .

RECENT ARTICLES - SINHALA

මන්නා රමේෂ්ගේ නිවසට පොලීසියෙන් පනියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක්...

ඩයනාගේ මන්ත්‍රී පුටුවට අස්වෙලා ගිය කෙනෙක්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ...

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...