28 C
Colombo
Friday, May 10, 2024

පොහොට්ටුවේ විනය හදන්න නීතිඥවරු හතක් පත්කරලා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (27) පවසා සිටියා.

සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්වූ බවත් විනය මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් කාරියවසම් මහතා සඳහන් කර සිටියා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් සිදු කර තිබෙනවා.

එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කළ බව පැවසු කාරියවසම් මහතා පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බව සඳහන් කළා.

එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාට නැවතත් ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස විධායක කමිටුවේ දැඩි ඉල්ලීමක් තිබුණ ද එම තනතුර තරුණයෙක්ට දීම වඩාත් ඵලදායි යැයි පැවසීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ඒකමතිකව ජාතික සංවිධායක ධුරයට පත්කළ බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...