26 C
Colombo
Thursday, May 9, 2024

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

- Advertisement -

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා.

ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන් මෙම සබැඳිය සංසරණය වන අතර එය click කිරීමෙන් අනතුරුව පෞද්ගලික දත්ත ලබා ගැනීමට හැකි වන අයුරින් එය සකසා තිබෙනවා.

මේ අතර, තම ආයතනයේ වෙළඳ සන්නාමය යොදාගනිමින් හුවමාරු වන මෙම පණිවිඩ සම්බන්ධයෙන් කාගිල්ස් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාගිල්ස් ආයතනය පවසන්නේ Cargills FoodCity / Cargills Online ආයතනය මුදල් හෝ තෑගි පිරිනමන බව පවසා,එම තෑගි ලබා ගැනීමට සබැඳියක් (Link) Click කර පුද්ගලික විස්තර ලබාදෙන ලෙස හෝ සමීක්ෂණයකට සහභාගි වන ලෙස ඉල්ලා සිටින ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

එමෙන්ම, එලෙස හුවමාරු වන link මත click නොකරන ලෙස සියළුම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර, උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල මහතා සඳහන් කළේ නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදාළ දත්ත ලබාගැනීම සිදුවන බවයි.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පමණක් ඒ සම්බන්ධ පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල මහතා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

කාගිල්ස් ආයතන විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...