26.6 C
Colombo
Wednesday, May 15, 2024

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

- Advertisement -

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පොලිස් නිලධාරියාට දඬුවම් නියම කර තිබෙනවා.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500 ක් අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ දඬුවම නියම කර තිබුණා.

රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුම්දීමකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර ඉන් අනතුරුව චෝදනා 4ක් යටතේ අදාළ සැරයන්වරයාට නඩු පවරා තිබෙනවා.

එම චෝදනා හතරටම පොලිස් සැරයන්වරයා වැරදිකරු වීමත් සමඟ ඔහුට වසර හතරක සිරදඬුවමක් නියම කළ  අධිකරණය රුපියල් 20,000 ක දඩ මුදලක්ද ඔහුට නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද උදෑසන 8 සිට...

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා...

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...