28 C
Colombo
Thursday, May 9, 2024

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

- Advertisement -

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා.

ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව එම ස්ථානයෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙසේ තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙක්.

තුවාලකරු තවත් පිරිසක් සමග රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) අලුයම 4.45ට පමණ මෙම අනතුරට මුහුණදී තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වු ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු මහත් පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා බේරාගැනීමට සමත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමග පැමිණි පිරිස නල්ලතන්නිය දක්වා රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...