25 C
Colombo
Thursday, May 16, 2024

අවුරුදු නැකත් වලිය දුර දිග ගිහින්

- Advertisement -

රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට විරුද්ධව අදහස් පළකිරීම හේතුවෙන් ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරනවා.

ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා මව්බිම වෙත පවසා ඇත්තේ රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ ක්‍රම මගින් තමාට මරණීය තර්ජනය එල්ල වන බවයි.

මෙලෙස විවිධ පුද්ගලයන් නිර්නාමිකව එල්ල කරන තර්ජන පිළිබඳව තමා පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කළ බවද ඔහු සඳහන් කර තිබුණා.

ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් වැඩි වශයෙන් විවේචනය කරනු ලැබූයේ තමන් බවත් ඒ හේතුවෙන් මේ වන විට තමාට මහමඟ  ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වූ බවත් රොෂාන් චානක තිසේරා මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ රාත්‍රී කාලයට අවුරුදු නැකැත් යෙදෙන පරිදි රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීම තුළ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන්ට තනි තනිව තම තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට සිදුව ඇති බවයි.

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීමට පසුගිය කාලසීමාවේ තමා විශාල වැඩකොටසක් සිදුකළ බවත්  මේ පිළිබඳව රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් උරණ වී සිටින අතර විකල්ප අදහස් ජනගත වීම වැළැක්වීමට ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවත් රොෂාන් චානක තිසේරා මහතා පවසා තිබුණා.

එමෙන්ම, තමාට තවදුරටත් ජීවිත තර්ජන එල්ල වුවහොත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ට විරුද්ධව නීත්‍යනුකුලව පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...