26 C
Colombo
Wednesday, May 22, 2024

මෙක්සිකෝවේ දහවල රැයක් කළ සූර්ය ග්‍රහණය

- Advertisement -

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකානු මහද්වීපයේ මිලියන 31 ක් පමණ ජනයා එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ සූර්ය ග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළා.

යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසයි

මිනිත්තු කිහිපයකට දහවල රැය බවට පරිවර්තනය කරමින් මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රිත නගරයට ඉතා පැහැදිලිව සූර්ය ග්‍රහණය දිස් වී තිබුණා.

මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නැරඹීමට එක් වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්නට ලැබී තිබුණා .

සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීමේදී සූර්ය ග්‍රහණයක් ඇති වෙනවා.

නාසා ආයතනය පෙන්වා දෙන්නේ මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බවයි.

ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...