26 C
Colombo
Tuesday, May 21, 2024

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න යන සංචිතය මෙන්න

- Advertisement -

ICC කාන්තා 20 – 20 ලෝක කුසලාන ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකා සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දැරීමට නියමිතයි.

විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා සහ අනුෂ්කා සංජීවනී,  උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි සහ සශිනි ගිම්හානි යන ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වන සංචිතයට ඇතුළත්.

15 හැවිරිදි වමත් දඟපන්දු යවන ක්‍රීඩිකාව වන ශෂිනි ගිම්හානිද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

ශෂිනි පසුගියදා එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේදී කඩුලු 7ක් දවාලමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ICC කාන්තා 20 – 20 ලෝක කුසලාන ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 25 වනදා සිට මැයි මස 07 වනදා දක්වා අබුඩාබිහිදී පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...