25 C
Colombo
Thursday, May 16, 2024

මෙරට ආර්ථිකය ගැන IMF නියෝජිතයින්ගේ ප්‍රශංසාව

- Advertisement -

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ඒ, ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අතුරතුරදීයි.

පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑම සඳහා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට මෙහිදී ප්‍රශංසා කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ආරම්භයේ සිටම වෙහෙස වී ශ්‍රී ලංකාව අත් කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් එය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඔහු මෙහි දී අවධාරණය කර ඇති බව අදාළ X පණිවුඩයේ සඳහන්.

මෑතකාලීන මෙරට සමාජ-ආර්ථික වර්ධනයන් සහ IMF වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහතික කිරීමට බලධාරීන්ගේ කැපවීම මෙහිදී ශෙහාන් සේමසිංහ මහතා පැහැදිලි කර තිබෙනවා.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ද හමුවි තිබෙන අතර එහිදී IMF වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා ද හමු වී සාකච්ඡා කළ බව ශෙහාන් සේමසිංහ මහතා Xපණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අයියර් මහතා එහිදී ලෝක බැංකුව තුළ ඇති විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳව යාවත්කාලීන කළ අතර ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

මේ අතර මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය රැස්වීමකට ද එක් වි මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනබව සඳහන්.

RECENT ARTICLES - SINHALA

හමුදාව ලක්ෂයක් දක්වා අඩු කිරීමේ තීරණයක්

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පවසන්නේ, යුද කාලයෙන්...

සජිත්, අනුර විවාදයට රජයේ නිවාඩු දිනයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ...

අධිකරණවල, ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...