26 C
Colombo
Thursday, May 16, 2024

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා

- Advertisement -

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාලයේ පවත්වාගෙන ගිය ගොනු 32948කින් 2022 වර්ෂය අවසාන වනවිට නව නීති අනුව ලියාපදිංචිවු සංඛ්‍යාව 3153ක් බවද එම වාර්තාවේ සඳහන්.

මෙම ගණනය කිරීම කර ඇත්තේ කර්මාන්ත ශාලාවක අවම ලියාපදිංචි ගාස්තුව රුපියල් දහසක් ලෙස ගණනය කරමින් බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් කර්මාන්තශාලා අයිතිකරුවන් 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/90 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විවිධානවලට අනුකූලව ලියාපදිංචි විය යුතු බව පැවසෙනවා.

මේ අතර කර්මාන්තශාලා ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට 2010- 2018 කාල සීමාවේදී ගොනු පනස් දෙකක් ලැබී තිබූ නමුත් ඉන් නඩු පවරා තිබුණේ ගොනු එකොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

වංචාවෙන් ඉපැයු දේපල රාජ සන්තක කරනවා-විජයදාස

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීතියේ...

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම යළි කල් ඉල්ලලා

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම...

‘ඩේලි මිරර්’ පුවතක් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඩේලිමිරර් පුවත්පතේ ඊයේ (15)  දිනයේදී “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත”  සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...