28 C
Colombo
Wednesday, May 22, 2024

ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

- Advertisement -

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළා.

කාදිනල් හිමියන් මෙහිදී පවසා සිටියේ බලයට පැමිණීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඇතුළු අගරදගුරු මණ්ඩලය වෙත වාචික පොරොන්දුවක් ලබා දුන් බවයි.

නමුත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිශන් සභා වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධ විමර්ශන සියල්ල අතපසු කර දැමූ බව කාදිනල් හිමියන් තවදුරටත් සඳහන් කළා.

මෙරට දේශපාලන නායකයන් අවංක අරමුණකින් යුතුව කටයුතු නොකරන බවත් යම් කිසි දේශපාලන නායකයෙකු බලයට පැමිණෙන විට ලබා දෙන පොරොන්දු  ඉෂ්ඨ කරනු ඇති බවට ජනතාව අපේක්ෂා කරන බවත් කාදිනල් හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.

“ දැන් ඔය රජයේ ඉන්න ඇමති කෙනෙක් මට දොස් කිව්වා මම කතෝලික ඡන්ද ඒ පැත්තට හරවලා දුන්නා කියලා. 5%ක්. නරක වචනත් පාවිච්චි කරමින් මට දොස් කිව්වා. නමුත් එයා දැන් ඒ රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක්. අපේ දේශපාලන නායකයින්ගේ ගතිගුණ ගැන අපි කළකිරෙනවා මේ විදියට.”   

RECENT ARTICLES - SINHALA

දුම්රියක් පීලි පනී

පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි. මේ හේතුවෙන්...

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...