28 C
Colombo
Wednesday, May 22, 2024

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා එහි දේශපාලන මණ්ඩලය රැස්වුණා.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර එහි මහලේකම් ධුරයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබුණා.

එම තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ අතර ඊට අදාළ ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙනු ලැබුවා.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද සිය පක්ෂයේ පසුගිය දිනවල සිදුකෙරුණු පත්කිරීම් හමුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ විරෝධතා ගොනුකර ඇති බවට වාර්තා වනවා.

අදාළ පත්කිරීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවට මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණා.

ඒ අනුව අද පෙරවරුවේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකරනු ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...