29 C
Colombo
Wednesday, May 22, 2024

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

- Advertisement -

හොරණ – අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කළ බව හොරණ මූලස්ථාන පොලීසිය පවසනවා.

බේරුවල ධීවර වරායේ සිට හඳපාන්ගොඩ දක්වා මාළු රැගෙන එමින් සිටි ඩිමෝ බට්ටා රථය සහ අඟුරුවාතොට – වරකාගොඩ ප්‍රදේශයට යමින් සිටි පුද්ගලික වාහනයක් මෙලෙස එකිනෙක ගැටී අනතුරට පත්ව තිබෙනවා.

අනතුරට පත්වන අවස්ථාවේ මාලු ලොරියේ ඉදිරි අසුනේ රියදුරු ඇතුළුව තිදෙනකු ගමන් කර ඇති අතර, ඔවුන් තිදෙනාම තුවාල ලබා මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මාළු රැගෙන පැමිණි ඩිමෝරථයේ රියදුරට නින්ද යාම නිසා පාරෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි කැබ් රථයේ ගැටී මෙම අනතුරු සිදුවන්නට ඇති බව හොරණ පොලිසියේ රථවාහන අංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

අදත් වැස්ස

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි අද (22) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර...

දුම්රියක් පීලි පනී

පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි. මේ හේතුවෙන්...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...