25 C
Colombo
Thursday, May 9, 2024

සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍යවෙත අදහස් දැක්වීම තහනම්

- Advertisement -

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන නිලධාරීන්, විවිධ කණ්ඩායම් වශයෙන් හා පුද්ගලයින් වශයෙන් නිවැරදි නොවන තොරතුරු මත පදනම්වූ සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කර ජනමාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ ලබාදීම වහාම නතර කරන ලෙසට සදහන් කර සෞඛ්‍ය ලේකම්වරයා ලිපියක් නිකුත් කර තිබෙනවා.

අදාල ලිපියෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙන සෞඛ්‍ය සේවකයන් නිසාවෙන්න සෞඛ්‍ය සේවාවන් පිළිබදව මහජනතාව තුළ තිබෙන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බවයි.

එබැවින් මේ පිළිබදව ආයතන සංග්‍රහය හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව කටයුතු කරන බවත් එම විධිවිධාන නොතකන සෞඛ්‍ය සේවකයන් හට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...