28 C
Colombo
Sunday, May 5, 2024

ආදම්ගේ පාලමේ කතාව සිනමාවට නැගේ

- Advertisement -

Housefull 4 චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග පසුගිය වසරේදී දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ආක්ෂේ කුමාර් තම නවතම චිත්‍රපටය පිළිබදව ඔහුගේ Instagram ගිණුමේ පලකර තිබෙනවා. එය රාම් සේතු ලෙස නම් කර ඇති අතර එය අභිෂේක් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
ඉතා ආකර්ශනීය පෝස්ටරයක් චිත්‍රපටය වෙනුවෙන් නිමවා ඇති අතර ඊට අනුව ආක්ෂේ කුමාර් පුරාවිද්‍යාඥයෙක් ලෙස චිත්‍රපටයේ පෙනී සිටින බවයි වාර්තා වන්නේ. ඔහු පාලමක් දිගේ ගමන් කරමින් සිටින අතර පසුබිමින් ඉන්දියන් සාගරයට ඉහළින් රාමායනයේ එන රාම කුමරුන් දිස්වනවා.


රාම් සේතු යනු ආදම්ගේ පාලමට කියන තවත් නමකි. ආදම්ගේ පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිණිකොනදිග වෙරළට ඔබ්බෙන් පිහිටි රාමේෂ්වරම් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙනවා. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී ඇති අතර ඒවා වසර 7000 ක් පමණ පැරණි බවටයි අනාවරණය වන්නේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් ගන්නා ලද ඡායාරූප පෙලකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමරිකානු භූ විද්‍යාඥයින් පිරිසක් මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළඹ තිබෙනවා. එම ස්ථානයේ තිබෙනව වැලිපරය සාමාන්‍ය වැලිපරයක් නොවන බවත් ඒවා වෙනත් ප්‍රදේශයක සිට එම ස්ථානයට ගෙන එන ලද ඒවා බවත් ඔවුන් පවසනවා.
හින්දු පුරාවෘත්තයේ එන රාමායනයට අනුව ශ්‍රී ලංකාවේ විසූ රාවණා රජු ඉන්දියාවේ සිටි රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණ තිබෙනවා. පසුව ඇය ගලවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදිකල බවයි එහි සදහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...