29 C
Colombo
Saturday, May 4, 2024

ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව ගන්න රුපියල් 5000 ක් ඉල්ලලා – GMOA

- Advertisement -

ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව ලබාදීම සඳහා එක්තරා පෞද්ගලික සමාගමකට රුපියල් පන්දහසක මුදලක් ගෙවා ලියාපදිංචි වන ලෙස ජනතාවට දන්වා ඇති බවත් එය සිදුවන්නේ කාගේ අනුදැනුම මතදැයි විමසා සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කරන්නේ මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකරනු ලබන්නේ රජය විසින් ඇණවුම්කරණය කර වසංගත රෝග විද්‍යා අංශයේ මැදිහත්වීම මතනම් එය මෙලෙස පෞද්ගලික සමාගම් මත පැටවීම පිටුපස කවුරුන් හෝ සිටින බවයි.

කොවිඩ් රෝගය වෙනුවෙන් එන්නත් නිකුත් කිරීමේ පූර්ණ බලතල වසංගත රෝග විද්‍යා අංශය සතුව ඇතිනම් එය මෙලෙස පුද්ගලික සමාගමක් පැවරීම පිළිබදව වසංගත රෝග විද්‍යා අංශය උත්තර සැපයිය යුතු බවද නවීන් ද සොයිසා මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...