25 C
Colombo
Thursday, May 9, 2024

වරාය නගරය කළු සල්ලි කේන්ද්‍රයක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා

- Advertisement -

වරාය නගර පනත හරහා නීති විරෝධී මුදල් ප්‍රවාහයන් සම්බන්ධ ගැටලු නිර්මාණය වන මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ගොඩනැගී ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය චෝදනා කරයි.

සමාගම්වල සැබෑ හිමිකරුවන්ගේ තොරතුරු වල විනිවිදභාවය ඇති කිරීම හරහා නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන් මැඩපැවැත්වීමට ලෝකයේ රටවල් එකට එක් වී දැඩි වෑයමකින් කටයුතු කරන කාල සීමාවක මෙය තනිකරම ශ්‍රී ලංකාව විරුද්ධ දිශාවට අඩියක් තැබීමක් යැයි ද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2021 ජූනි මස 24 වන දින පැවැත්වීමට නියමිත දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ මහා සභාවේ විශේෂ සැසිය අරමුණු කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින්, දේශසීමා හරහා සිදුවන දුෂණයන්ට සහ අනෙකුත් අපරාධයන්ට පහසුකම් සලසන නිර්නාමික සමාගම් සහ අනෙකුත් නීතිමය වාහන භාවිතය නතර කරන මෙන් ඉල්ලා මහජන සුබසිද්ධිය උදෙසා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබී යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

සමාගම් වල සැබෑ හිමිකරුවන් පිළිබඳ අන්තර්ජාලීය පොදු ලේඛනයක් සැකසීම සඳහා දැඩි ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ඒ හරහා පොළඹවනු ලබන්නේ යැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියයි.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...