27 C
Colombo
Thursday, May 2, 2024

පියුමි හංසමාලි හා චන්දිමාල් නිරෝධායනය සහ රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලුවා – අජිත් රෝහණ

- Advertisement -

නීති විරෝධී මත්පැන් සාදයක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා නිරෝධායනයට යොමු කරන ලෙස හා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගෙන් බී වාර්තාව හරහා ඉල්ලා සිටිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කෙසේ වෙතත් ඔවුන් රුපියල් මිලියනයක ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කල බවට රූපවාහිනි වැඩසටහනකට සහභාගීවෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කළා.

අදාළ බී වාර්තාව තමන් විසින්ම සකසන ලද්දක් බවත් එමගින් ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් නොහොත් චන්දිමාල් ජයසිංහ යන අයව හා පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අයව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට 2021.06.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි ඔහු සදහන් කරන්නේ.

එමෙන්ම එම ස්ථානයේ සාදයට සහභාගී වූ පුද්ගලයින් 9 දෙනෙකු හදුනාගත් බවත් ඔවුන්ගේ නම් අදාළ බී වාර්තාවට ඇතුළත් කල බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව පට්ටියගේ පියුමි හංසමාලි, මොහොට්ටිගේ දර්ශනී පුෂ්පමාලි, රත්නායක මුදියන්සේලාගේ රුක්මාල් බස්නායක, කුමාරලාගේ බාගේෂ්වරී මධුෂිකා ගුණසේකර, ඒ.ඩී. ප්‍රදීප් ලක්මාල් දේශප්‍රිය, ඩී.ලියනගේ චමාල් සුසන්ත, කංකානම්ගේ චතුරංග, එල්. කුමාරලාගේ දේවක හා යූ. තරිදු පැතුම් යන අයව මෙලෙස හදුනාගෙන තිබෙනවා.

පොලිස් වැටලීම සිදුවන අවස්ථාවේ එම පුද්ගලයින් එම ස්ථානයේ නොසිටි බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...