28 C
Colombo
Sunday, May 5, 2024

වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ රට ගැන තීන්දු තීරණ ගන්න එපා

- Advertisement -

කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ගෙන ඇති තීරණය හරහා රටට විශාල විස රෝග කාරක,අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග ඇතුළු වීමේ විශාල අවදානමක් ඇති හෙයින් ඒ සඳහා ගෙන ඇති හදිසි තීරණ වහා නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කර සිටිනවා.

ඒ, ඊයේ (04) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

දිගුකාලීන පරීක්ෂණ සැලැස්මක්, දිගුකාලීන තත්ත්ව පරීක්ෂාවේ සැලස්මක් අනුව පමණක් මෙය කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේ සැලැස්මකින් තොරව වඳුරෝ වැස්සට ගෙවල් සාදන ආකාරයට කඩි මුඩියේ තීන්දු තීරණ නොගත යුතු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...