30 C
Colombo
Thursday, May 2, 2024

ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවක්

- Advertisement -

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV X- Press pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ආධාරයෙන් ඔවුන් මෙම වාර්තාව සකසා තිබෙනවා.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බැවින් නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවයි.

එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට උතුරු සහ වයඹ දිශානතිය ඉලක්කරගෙන නාවික සැතපුම් 3කට ආසන්න දුරකට සිහින් රේඛාවක් මෙන් පැතිර ගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...