28 C
Colombo
Saturday, May 4, 2024

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ සල්ලි නෑ – The Morning; තවත් අරමුදලක් පිහිටුවනවා – කබ්රාල්

- Advertisement -

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල හිස්ව ඇති බවට ‘The Morning’ පුවත්පත වාර්තා කරනවා.

දේශීය ඉන්ධන මිල කෙරෙහි ලෝක වෙළඳ පොලේ සිදුවිය හැකි මිල උච්ඡාවචනයන්ගේ බලපෑම අවම කිරීම වෙනුවෙන් මෙම අරමුදල 2020 වසරේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ස්ථාපිත කරනු ලැබුවා.

රුපියල් බිලියන 18 ත් 20 ත් අතර මුදලක් එම අරමුදල සතුව තිබූ බවත් මේ වන විට එම අරමුදල හිස්ව ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම සඳහාත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුව සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණයක් ගෙවීම සඳහාත් මෙම අරමුදල භාවිතා කර ඇති බව පුවත්පත වාර්තා කරනවා.

බොරතෙල් මිල උච්චාවචනයන් හරහා ඉන්ධන මිල නොවෙනස්ව පවත්වා ගනිමින් ලාභයන් හා අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා මෙම අරමුදල පිහිටුවන ලද අතර එවකට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රයකට අනුව රු. බිලියන 50ක් එම අරමුදලෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දිය යුතු අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට බොරතෙල් ලීටරයකට රුපියල් 70 බැගින් ලබා දීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත්, 2021 ජුනි 11 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184කි. ඔටෝ ඩීසල් හි නව මිල ලීටරයකට රුපියල් 111 ක් වන අතර සුපිරි ඩීසල් වල නව මිල ලීටරයකට රුපියල් 144 කි. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77 කි.

මෙම අරමුදල නැවත ස්ථාපිත කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ විසින් අප්‍රේල් මාසයේදී අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය තවමත් ලබා දී නොමැත.

මේ අතර, අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටියේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළ ගියහොත් දේශීය ඉන්ධන මිල නැවතත් ඉහළ යාමේ අවදානමක් ඇති හෙයින් මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...