27 C
Colombo
Friday, May 3, 2024

“මේ තීරණය සාධාරණ තීරණයක් නොවන බව පැහැදිලියි” – කාදිනල් හිමියන් ජනපතිගෙන් කළ ඉල්ලීම, සම්පූර්ණ ලිපිය මෙන්න

- Advertisement -

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය නම් එය කළ යුතුව තිබුණේ මෙවැනි විනාශයකට ජනතාව ඇද වැටී ඇති අවස්ථාවක නොවන බවයි.
එබැවින් මෙම තීරණය සාධාරණ තීරණයක් නොවන බවට පැහැදිළි බවයි එම නිවේදනය මගින් උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ.

ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති අතර එබැවින් මෙවැනි මිල වැඩි කිරීමිවලින් දිලිඳු කොටස් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හමුවේ තම රැකියාවල නිරතවීමට නොහැකිව සිටින ධීවර ජනතාව නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ පරිසර හානිය හමුවේ තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම බස්නාහිර වෙරළ තීරයේ සමුද්‍රීය පරිසරයට සහ මත්ස්‍ය සම්පතට මෙමගින් සිදුවූ හාහිය ගණනය කිරීමට ද නොහැකි තරම් බවයි කාදිනල් හිමිපාණන් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

එම සියල්ලකින්ම තම රැකියාවට පහර වැදී ඇති ජනතාවට තම රැකියාවේදී භාවිත කරන භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් වැනි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඔවුන් තුන්වැදෑරුම් විනාශයකට ගොදුරුවී සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.

මෙය ගසින් වැටුනු මිනිසාට ගොනා ඇනීම වැනි කටුක අත්දැකීමක් බවයි කාදිනල් හිමියන් සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ද නෞකාවේ විනාශය හේතුවෙන් ද ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ද ධීවර පවුල් දහස් ගණනක් අනාථ වී සිටින අතර ඉන්ධන මිල වැඩි කිරීම තවත් විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සුලු ආදායම්ලාභී බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ද ඉමහත් පීඩාවක් ගෙනදී ඇතැයි කාදිනල් හිමියන් ප්‍රකාශ කරනවා.

මීට කලින් පැවති රජයන් සමයේදී ද මෙවැනි ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවන්හිදී ද ඉහත සඳහන් කළ ජන කොටස්වලට සහන ලබාදීමට රජයන් කටයුතු කළ ආකාරයෙන්, මානුෂීය හේතුන් මත මෙම අවස්ථාවේදී ද එදිනෙදා යමක් සොයා ගැනීම සඳහා සුලු රැකියාවල යෙදෙන විශේෂයෙන් ඉන්ධන භාවිතා කරන ජනකොටස්වලට යම් සහනයක් සැලසීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...