26 C
Colombo
Tuesday, May 7, 2024

වාරකං කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා – ගොඩහේවා (වීඩියෝ)

- Advertisement -

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

“මුහුදේ සිද්ධ වෙන දේ අපට සම්පූර්ණයෙන් පාලනය කරන්න බැහැ. මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා, වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඊයේ දිනය දක්වා මෙරට ප්‍රදේශ කිහිපයකට ගසා ගෙන ආ කැස්බෑවුන් 50ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 08 දෙනෙකු, තල්මසෙකුගේ සිරුරූ හමුවී ඇති අතර තවත් මුහුදු මත්ස්‍යයින් රාශියක් මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....