34 C
Colombo
Monday, May 6, 2024

සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

- Advertisement -

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ සහල් නිෂ්පාදකයන් සහ වෙළඳුන් ජනතාව පීඩනයට පත්වන ආකාරයට මිල ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් මීට පෙර රජය තීරණය කළේ දේශීය ගොවියා සහ සහල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග ආනයනය තහනම් කිරීමටයි.

2020 ජූලි මාසයේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ වැඩිපුර ධාන්‍ය වගා කරන ලෙසයි.

එමෙන්ම එහිදී ජනාධිපතිවරයා ගොවීන්ට පොරොන්දු වූයේ රටින් එක ධාන්‍ය ඇටයක් ආනයනය නොකරන බවයි.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...