26 C
Colombo
Thursday, May 9, 2024

බ්‍රිතාන්‍යය දිවා කාලයේදී ක්ෂණික ආහාර දැන්වීම් තහනම් කරයි

- Advertisement -

සෞඛ්‍යට අහිතකර ආහාර ප්‍රවර්ධන දැන්වීම් දිවා කාලයේදී රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.

ඒ ස්ථුලතාවය වැලැක්වීමේ සහ සෞඛ්‍යට හිතකර ආහාර පරිභෝජනය දිරිගැන්වීමේ වැඩපිළිවෙළ යටතේයි.

නව නීතිය ලබන වසරේ අගභාගයේ සිට ක්‍රියාත්මක වනු ඇති. දැනට බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අධික බර හෝ ස්ථුලතාවයෙන් පෙළීමේ ප්‍රවණතාව වෙනස් කිරීම සඳහා නව ක්‍රියාමාර්ග හේතුවනු ඇතයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් එරට ඇතැම් දැවැන්ත මාධ්‍ය ආයතන නව නීතිය සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ ප්‍රතිචාර දක්වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

නව සැලසුම අනුව මේදය, සීනි සහ ලුණු අධික ආහාර පිළිබඳ දැන්වීම් රාත්‍රි⁣ 9ට පෙර බ්‍රිතාන්‍යය රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය තහනම් වනවා.

එමෙන්ම මුදල් ගෙවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය ද තහනම් වනු ඇති.

කෙසේ වෙතත් අදාළ නිෂ්පාදන සමාගමේ වෙබ් අඩිවියේ හෝ සමාජ මාධ්‍ය ගිණුමක ප්‍රදර්ශනයට අවසර ලැබෙනවා.

2018 වසරේදී බ්‍රිතාන්‍යය සීනි බද්දක් හඳුන්වා දුන් අතර ඒ අනුව බීම නිෂ්පාදන සමාගම් රැසක් සිය නිෂ්පාදනවල සීනි මට්ටම අඩුකිරීමට පියවර ගත්තා.

බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය කරන ආහාර පිළිබඳ වෙළෙඳ දැන්වීම්වලින් අඩක්ම සෞඛ්‍යට අහිතකර ආහාර පිළිබඳ දැන්වීම් බව මෑතක කල අධ්‍යයනයකින් හෙලිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...