25 C
Colombo
Thursday, May 9, 2024

සහයිකාව සිපගැනීමේ වගකීම භාර ගෙන බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස් වෙයි (වීඩියෝ)

- Advertisement -

බ්‍රිතාන්‍ය රජයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්, කොවිඩ්-19 නීති උල්ලංඝනය කිරීම පිළිබඳ ඔහුට එරෙහිව එරට වැසියන්ගෙන් එල්ල වුණු දරුණු විරෝධය හමුවේ ඉල්ලා අස්වී තිබේ.

සෞඛ්‍ය ලේකම්වරයාට ඉල්ලා අස්වීම සඳහා බලකිරීමට හේතුව ලෙස සැලකෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලන්ඩන් මූලස්ථානයේදී ඔහුගේ ඉහළම සහායිකාව ලෙස සැලකෙන ජිනා කොලඩන්ජෙලෝ සමඟ සිප ගන්නා වීඩියෝවක් නිකුත් වී තිබීමයි.

නීති කඩකළ බව පිළිගත්තද ඔහු මුලින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

හැන්කොක්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ අගමැති බොරිස් ජොන්සන් ද විවේචනයට ලක් විය.

මෙම වීඩියෝ පටය මැයි හය වෙනි දා ලබා ගත්තක් බව සැලකේ.

ඒ වන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 නීති දැඩි ලෙස ක්‍රියාත්මක වුණු අතර සමාජ රැස්වීම් තහනම් විය.

මීටර් දෙකක අවම දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙසත් මුහුණට මුහුණ සම්බන්ධතා වළක්වා ගන්නා ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබිණි.

හැන්කොක් විසින් අගමැතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ “මෙම වසංගතයේදී මෙතරම් කැපකිරීම් කළ පුද්ගලයින්ට මම ණයගැතියි” යනුවෙන් සඳහන් කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බරයේදී සෞඛ්‍ය සහ සමාජ සත්කාර දෙපාර්තමේන්තුවේ නොගෙවූ උපදේශකයකු ලෙස පත් කර ඇති ජිනා ඔහුගේ විශ්වවිද්‍යාල සගයෙකි.

පසුව ඇය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

“සෞඛ්‍ය මග පෙන්වීම් කඩ කිරීම ගැන මගේ සමාව නැවත අවධාරණය කිරීමටත්, මගේ පවුලේ අයගෙන් සහ ආදරණීයයන්ගෙන් සමාව අයැදීමටත් මට අවශ්‍යය. මේ අවස්ථාවේ මගේ දරුවන් සමඟ සිටීමට ද මට අවශ්‍ය වී තිබේ.”යයි ඔහු අගමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් වීඩියෝවක් නිකුත් කිරීමට ද සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කර ඇත.

කෙසේවෙතත් ඔහුගේ ලිපිය හෝ ප්‍රකාශයේ ඔහුගේ බිරිඳ මාර්තා ගැන සඳහනක් කර නැත.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...