31 C
Colombo
Saturday, May 4, 2024

ගුවන් විදුලිය 4වන වරටත් හඩ්සන්ට

- Advertisement -

මෙරට ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු වන හඩ්සන් සමරසිංහ මහතා අද (30) යළිත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ අනුව, මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරට වේ.

හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.

එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.

2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.

ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කල ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ ඉවත් වූ පසු ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාව ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...