28 C
Colombo
Saturday, May 4, 2024

බතික්, මැටි වගේ විහිළු ඇමතිකම් ඔක්කොම හැදුවේ බැසිල්

- Advertisement -

මේ වන විට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයක් නොවන බව බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කුරුදු, ගම්මිරිස්,බතික් වැනි විහිළු ඇමතිකම් හැදුවේ ද බැසිල් රාජපක්ෂ හා පී.බී.ජයසුන්දර යන අය බවත් ඒවාට පත්කරන අය කවුරුන්ද යන්න තීරණය කිරීම සිදු කළේද ඔවුන්ම බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

”මේ ඇමති ධූර නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඇමති ධුරවලට මිනිස්සු පත්කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජ්‍ය අමාත්‍ය ධුර හැදුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමයි පී.බී.ජයසුන්දර මැතිතුමායි. ඒවාට අදාළ ඇමතිවරු පත්කළේ ඒ අය. මැති ඇමතිකම්,කුරුදු ගම්මිරිස් ඇමතිකම් විශේෂයෙන් බතික් ඇමතිකම මට දීපු, මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි පී.බී.ජයසුන්දර මැතිතුමායි.

අපිව මේ පැත්තකට කරලා වැඩක් ගන්නේ නැතුව තියල තියෙන්නෙත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි සියලු දෙනාම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි ඇත්තටම මේ තියෙන්නේ. මේ ආණ්ඩුව පත්කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරලා තියෙන්නේ. ඒක නිසා අපිට ලොකු කණගාටුවක් තියෙනවා. මේ පක්ෂ ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. තනි ගමනක් කාටවත් යන්න බැහැ.” 


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...