30 C
Colombo
Thursday, May 2, 2024

යූරෝ කුසලානය – වසර 29කට පසු ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයට

- Advertisement -

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරඟය පැවැත්වුණේ ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය අතරයි.

යුරෝ කුසලාන තරඟාවලියක මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණගැසුණු තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර අවස්ථා දෙකේදීම ජයගත්තේ චෙක් ජනරජයයි.

තරඟය ආරම්භ වී ගත වූ 5වන මිනිත්තුවේදීම ගෝලයක් ලබා ගත් Thomas Delaney ඩෙන්මාර්කයට ප්‍රබල ආරම්භයක් ලබා ගත්තා.

තරඟයේ 42වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබා ගත් Kasper Dolberg පළමු අර්ධය නිමා වන විට 2-0 ක් ලෙස ඩෙන්මාර්කයට තරඟයේ සියලු ගෞරව අත්කර දුන්නා.

දෙවන අර්ධය ආරම්භ වී සුලු වේලාවකින්ම ඩෙන්මාර්ක දැල ආක්‍රමණය කළ Patrik Schick චෙක් ජනරජය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තා.

නමුත් තරඟයේ ඉතිරි කාලය තුලම සිය දැල ආක්‍රමණය කරන්නට ඩැනිෂ් ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නියමිත කාලය නිමාවන විට 2-1 ක් ලෙස තරඟය ජයගත් ඩෙන්මාර්කය වසර 29කට පසු යූරෝ කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටය⁣ට පිවිසියා.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...