27 C
Colombo
Friday, May 3, 2024

අවුරුදු 15 ක් එකට ජීවත් වූ අමීර් ඛාන් සහ කිරන් රාඕ වෙන් වෙයි

- Advertisement -

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක සහ අධ්‍යක්ෂවරියක වන කිරන් රාඕ විවාහයෙන් වසර 15 කට පසු වෙන්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ පුතා එකට හදා වඩා ගන්නා බවත් ඉදිරියටත් එක්ව වැඩ කරන බවත්ය.

“මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලයටම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන තිබෙනවා” යයි වෙන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පැවසුවා.

“අපේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අප සූදානම්. සැමියා සහ බිරිඳ ලෙස නෙවෙයි. සම-දෙමාපියන් සහ පවුලක් ලෙසින්. අපේ සම්බන්ධය ගොඩ නැගී ඇත්තේ විශ්වාසය සහ ගෞරවය මතයි”

56 හැවිරිදි ඛාන් සහ 47 හැවිරිදි රාඕ මුලින්ම හමුව ඇත්තේ 2001 වර්ෂයේ දී යි.

මුස්ලිම් ජාතිකයකු වන අමීර්ට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් පසුගිය කාලයේ විවේචන රැසක් එල්ල වුණා.

ඒ කිසිවක් හමුවේ තමාට හෝ හින්දු භක්තිකයෙකු වන රාඕට රට හැර යාමට කිසිදු අදහසක් නොමැති බව අමීර් පවසා තිබුණා.

කෙසේ නමුත් දැන් ඔවුන් වෙන් වීමට තීරණය කර අවසන් බව පැවසෙනවා.

අමීර් ඛාන් මීට පෙර විවාහ වී සිටියේ රීනා දත්තා සමඟ ය.

මේ අතර අමීර් ඛාන් හා කිරන් රාඕ විසින් නිෂ්පාදනය කරන ලද අති සාර්ථක චිත්‍රපටයක් වූ Dangal චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කල ෆාතිමා සානා ෂායික් සමඟ අමීර් ඛාන්ගේ සම්බන්ධයක් ඇති බවට බොලිවුඩය පුරා රාවයක් පැතිර යනවා.

බොහෝ දෙනා ෆාතිමා සානාව විවේචනය කරමින් Twitter පණිවුඩ නිකුත් කර ඇතත් අමීර් ඛාන් සිය විවාහ දිවිය අවසන් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ෆාතිමා සානා Twitter Tranding චරිතයක් බවට පත්ව තිබෙන බව ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...