30 C
Colombo
Thursday, May 2, 2024

තුර්කියේ කාන්තාවෝ පාරට බසිති

- Advertisement -

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වළක්වාලීම සදහා වන අන්තර්ජාතික සම්මුතියෙන් ඉවත්වීමට තුර්කිය ගත් තීරණයට එරෙහිව එරට කාන්තාවෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

ඉස්තාන්බුල් හි ඉස්ටිකාන් චතුරස්‍රය ආසන්නයේ පැවති මෙම විරෝධතාවයට විරෝධතා පුවරු රැගත් තුර්කි කාන්තාවන් දහස් ගණනක් සටන් පාඨ කියමින් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාවයේ යෙදුණු කාන්තාවන්ට කදුලු ගෑස් එල්ල කළ පොලිසිය ඔවුන් පළවා හැරීමට කටයුතු කළ බවද එම වාර්තාවල දැක්වේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වළක්වාලීම සදහා වන යුරෝපා සම්මුතිය ඉස්තාන්බුල් සම්මුතිය ලෙසද ප්‍රකටව ඇති අතර එය කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා වන වැදගත් අන්තර්ජාතික සම්මුතියක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

කෙසේවෙතත් තුර්කි ජනාධිපති තායෙප් එර්දොගාන් තුර්කිය එම සම්මුතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ අතර මෙය එරට කාන්තා අයිතිවාසිකම් නොතකා හැරීමක් බවට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...