33 C
Colombo
Friday, May 3, 2024

පොලිසිය කණපිට ගහනවා කියපු සරත් වීරසේකරත් අසමත් – මනූෂ

- Advertisement -

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යනු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන් විවේචනය කරන ස්වාධීන මාධ්‍යවේදියෙකු බවත් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් එම මාධ්‍යවේදියාට සිදුකර ඇති තර්ජනය හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අද (06) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන්නේද යන්න අපැහැදිළි බවයි.

මේ වන විට මෙරට ජනපති ජනමාධ්‍ය නිදහසේ සතුරෙක් බවට පත්ව ඇති බවත් RSF – 2021 ලැයිස්තුවට ඇතුලත්ව ඇති ලෝක නායකයන් 37 දෙදෙනා අතර ගෝටාභය රාජපක්ෂද සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම පොලිස් අත් අඩංගුවේ පසුවෙන පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම හා අමානුෂික ලෙස සැලකීම වැළැක්වීමට ‘පොලිසිය කණපිට ගසා’ හෝ කටයුතු කරන බවට විෂය භාට අමාත්‍යවරයා වන සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණද ඔහු ඒ සම්බන්ධයෙන් අසමත් වී ඇති බවත් මනූෂ නානයක්කාර මහතා පවසනවා.

කාබන් විමෝචනය කරන රථ වාහන අවම කිරීමටත් විදුලි රථවාහන භාවිතය ප්‍රවර්ධනය කරන බවත් ප්‍රකාශ කළ රජයක් විසින් පෝලිසියට ත්‍රීරෝද රථ 2000ක් ලබා ගත්තේ මන්ද යන්න ගැටළුවක් බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...