33 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පුමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව

- Advertisement -

එංගලන්ත තරග සංචාරය අතරතුර විනය විරෝධී ලෙස හැසිරුණු කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට එරෙහි විනය පරීක්ෂණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් පත් කර තිබෙනවා.

එහි ප්‍රධානියා වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන නිමල් දිසානායක මහතායි.

නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතීඥ අසේල රැකව, නීතීඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් M. R. W. ද සොයිසා යන මහත්වරුන් විනය කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක හට මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...