31 C
Colombo
Saturday, May 4, 2024

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස මුලතිව් හමුදා කදවුරේ විරෝධතාවක (වීඩියෝ)

- Advertisement -

මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස ඊයේ (10) විරෝධතාවයක නිරත වුණා.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින්.

අදාළ විරෝධතා පුවරුවල දැක්වුණේ කොතලාවල පනත වහා ඉරා දමන ලෙසයි.

පසුව එම ස්ථානයේ සිටම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ තමන්ව අසාධාරණ ලෙස නිරෝධායන නීති උපයෝගි කරගනිමින් මෙලෙස සිරගත කර තැබූවද කොතලාවල පනතට එරෙහිව නගන විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් යන අය අදහස් දැක්වූවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...