25 C
Colombo
Thursday, May 9, 2024

ඔන්ලයින් ප්‍රශ්නය ගැන වන්නිල ඇත්තන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

- Advertisement -

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසනවා.

ඊයේ (12) දිනයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වන්නිලඇත්තන් පවසා සිටියේ අධ්‍යාපනය ලබන දරුවන් පත්ව ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කොට ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකළයුතුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නිලඇත්තෝ,

“පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ හැමෝටම මේ රටේ කොවිඩ් වසංගතය හේතුවෙන් අධ්‍යාපනය කියන එක මඟ ඇරිලා තියෙන කාලයක් මේක. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා ළමයි ගොඩදෙනෙක් මහන්සි වෙනවා රෑ දවල් නොබලා. ඒ අය කඳු නඟිනවා. ගල් උඩ නඟිනවා. ගස් උඩ මැස්සවල් ගහගෙන ඉන්නවා. ඇත්තටම ඒ වැඩේ උනත් සමහර තැන්වල ගෙදර ඉදලා දුරකථන භාවිත කරලා ඉගෙන ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

සමහර තැන්වල දුරකථන සංඥා තියෙන ස්ථාන වල ඒ ක්‍රමය සාර්ථක වුණා. දුරකථන සංඥා නොමැති සමහර තැන්වල කරදරවෙලා දුක්වෙලා ළමයි ඉගෙන ගන්නවා.

දැන් මට දැනගන්න ලැබෙනවා පහුගිය දිනවල කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස උද්ඝෝෂණයක් එතැනදී ඒ අය අල්ලලා නිරෝධානයට අරන් ගිහිල්ලා සිද්ධියක් වෙලා තියෙනවා. ඒක මූලික කරගෙන දුරකථනවලින් උගන්නපු ගුරුවරු නිවෙස්වලට වී ඉගෙන ගන්න දරුවන්ට ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙනවා කියලා මට දැන ගන්න ලැබුනා.

එහෙම වුනොත් ඇත්තටම අපේ රටේ ඉදිරි කාලේ දී මේ රට භාරගන්න ඉන්න දරුදැරියෝ අසරණ වෙනවා. ඒ හින්ද මම කියන්නේ මේ රට පාලනය කරන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ ගැටලු ගැන මීට වැඩිය හිතට අරගෙන හොයලා බලන්න ඕන කියලයි. මේ දරු දැරියෝ ගැන හිතලා මේ ගැටලුවට මැදිහත් වෙලා, දරුවන්ගේ අනාගතගැන සැල කිල්ලට ගෙන සාධාරණ විසදුමක් ලබාදී, මේක විසඳලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා“

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...