30 C
Colombo
Tuesday, May 7, 2024

කුසල් පෙරේරා ඉන්දියාවට එරෙහි තරඟාවලියෙන් ඉවතට

- Advertisement -

ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලියට සහභාගී වීමට කුසල් ජනිත් පෙරේරාට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

කුසල් ජනිත් පෙරේරා පුහුණුවීමකදී දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇති බවත් එහෙයින් මෙලෙස ඔහුව කණ්ඩායමට ඇතුලත් නොකිරීමට සිදුව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ඊයේ (15) පැවති පුහුණු සැසියකදී වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ වම් වළලුකර ආබාධයකට ලක්වූ බවත් එය පාර්ශ්වීය අස්ථි බිඳීමක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එබැවින්, ඉන්දියානු සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ඔහුද සහභාගී නොවනු ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

විරෝධතාවයක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා. එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...