30.2 C
Colombo
Saturday, April 27, 2024

දැරියන් අපයෝජනය කළ නිල නිවස බන්දුල ආපසු දෙයි

- Advertisement -

කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි වෙළඳ අමාත්‍ය නිල නිවස වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශට භාරදීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබෙනවා.

ඒ හිටපු වෙළඳ අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා විසින් මෙම නිල නිවස භාවිත කළ කාලයේදී එම නිවස තුළ බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්වූ බවට සැක කෙරෙන නිසා බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම, අදාල නිල නිවෙස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් යෝජිත රුපියල් මිලියන 21ක මහජන මුදල් ප්‍රමාණයද අනුමත නොකිරීමට අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බවද අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස මෙම නිල නිවෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එන්න අහපු ඇමරිකන් නැවක් ගැන රජයෙන් දැඩි තීරණයක්

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. කිසිදු පර්යේෂණ...

නිදහස් පක්ෂෙ නියෝජිතයෝ කවුද කියන එක ජනතාවට දැන් ප්‍රශ්නයක් – මල්වතු මහනාහිමි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්නදැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියන් පවසනවා. උන්වහන්සේ පවසා...

වෘත්තිකයන් රට හැර යෑම ආර්ථික වර්ධනයට ප්‍රධාන බාධාවක් – මහ බැංකුව

ජනගහනය වයස්ගත වීමත් සමඟඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...