33 C
Colombo
Saturday, May 4, 2024

ගෝනියක් තුළ කාන්තා මළ සිරුරක්

- Advertisement -

වාලච්චේන ප්‍රදේශයේ වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර මෙම සිරුර එම ගෝනිය තුළ තිබෙන බවට සැකකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෘත දේහය සොයාගත් වෙළෙඳසැලේ හිමිකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් පිළිබඳව ඊයේ (05) සවස වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බවට පැමිණිල්ලේ සදහන් කර තිබූ බවත් පොලීසිය පවසනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතරතුර වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇති අතර ඉන් සඳහන් වී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳසැළක සැකසහිත ගෝනි දෙකක් ඇති බවයි.

ඒ අනුව පොලීසිය අදාළ වෙළෙඳසැළ වෙත ගොස් එම ගෝනි දෙක පරීක්ෂා කිරීමේදී එක් ගෝනියක පොහොර තොගයක් ද අනෙක් ගෝනියේ මියගිය කාන්තා සිරුරක් ද සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ බව කියන කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි දෙක අදාළ වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කරනවා.

ඒ අනුව ත්‍රීරෝද රථයේ රියදුරුද වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...