29 C
Colombo
Saturday, May 4, 2024

මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

- Advertisement -

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ රෝහල් තුළ දැරිය හැකි ධාරිතාවයට වඩා මේ වන විට රෝගීන් වාර්තාවීමේ සීඝ්‍රතාවය හේතුවෙන් මේ තත්ත්වය සෞඛ්‍ය අංශ වෙත පාලනය කිරීම සිදුකල නොහැකි බවයි.

දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවන බවත් ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බව පැවසූ ඒ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බවද මෙම වැඩසටහනේදී පවසා සිටියා.

“කියන්නේ නෑ රජයේ දත්ත බොරු කියලා. නමුත් දත්ත පිළිබඳ ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තාවන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට කරන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම. ආශ්‍රිතයින් සියලුදෙනා සොයා යෑමේ අවස්ථාවක් නෑ මේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව සමඟ. අහඹු පීසීආර් පරීක්ෂණ ඇතැම් විට සිදුකරනවා මහ මඟ 100ක් ගත්විට එයින් 19දෙනෙක් වාර්තා වුණා.”

“ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා ඔහුගේ දුක කිව්වා. රෑ එළිවෙනකල් දැන් මෘත දේහ දහනය කරනවා. ඊයේ ඒ වෙනකොට 22ක් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ දහනය කරලා තියෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මමත් කතා කරා. ඒ වෙනවිටත් ඔහුට මෘත දේහ පොරොත්තු ලේඛනයක් තියෙනවා ආදාහනය කිරීම සඳහා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ කියන එක පැහැදිලියි.”

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...